මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ මඟ පෙන්වීම හා උපදෙස් මත ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද 'ආකල්ප සංවර්ධනය සඳහා ගී රසවින්දන' වැඩසටහනක් 2026.03.10 දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත් විය. මේ සදහා සම්පත් දායකත්වය මනෝවිද්‍යා උපදේශන නිලධාරී නිමාලි පෙරේරා මහත්මිය සමඟ ගායන ශිල්පිනි ස්වර්ණා ජයකොඩි මහත්මිය විසින් ලබා දෙන ලදී.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර මිනුවන්ගොඩ කාන්තා කාර්‍ය සංවිධාන නියෝජනය කරමින් සාමාජිකාවන් 180 ක් සහ කාර්යාලයේ නිලධාරීන් ද ඇතුළුව 200කට අධික පිරිසක් සහභාගි විය.
මෙම වැඩ සටහනේ සංවිධාන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා අංශය සමඟ මිනුවන්ගොඩ කාන්තා බල මණ්ඩලය විසින් සිදු කරන ලදී.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා ප්‍රධානත්වය යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2026.03.09 දින පැවැත්වූ ගීරස වින්දනාමත්මක වැඩ සටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
විවිධ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් නිලධාරින් විසින්ම සුගායනය කරන ලද අරුත්බර ගීත රැසක් කාන්තා කුටුම්භය අහුමුළු සොයා අපුර්ව ලෙස විකසිත විය.
සොදුරු අත්දැකීම් රැසක් ජීවමාන මාතෘකාවට හසුකරමින් වින්දනීය මොහොතකට කාර්ය මණ්ඩලය සහභාගී විය.
මෙම වැඩ සටහන සංවිධානය හා සම්පත් දායකත්වය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මනෝ උපදේශණ නිලධාරි නදිශානි ජයවීර මහත්මිය විසිනි.
තවද බිත්ති පුවත්පතේ පළවු නිර්මාණ අතුරින් හොඳම නිර්මාණ තෝරා ජයග්‍රාහකයින් හට ත්‍යාග ලබාදීමක් ද මෙහිදි සිදු කරන ලදී. මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරින් ද , කාර්යාලීය හා ක්ෂේත්‍ර නිලධාරින් ද සහභාගී විය.

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සමුළුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2025.02.19 දින පවත්වන ලදි.
මෙම සමුළුව සඳහා දිස්ත්‍රික් ලේකම්තුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්ලා දෙපල ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරින්, ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරු සහභාගි විය.
මෙහිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු අංශවල ලිපිගොනු, ලේඛන, දත්ත පද්ධති, භෞතික පරිසරය මෙන්ම ක්ෂේත්‍ර නිලධාරින් සිදුකල සියලු වැඩසටහන් වල ප්‍රගතිය ද අධීක්ෂණය විය.
තවද දිස්ත්‍රික් ලේකම්තුමා විසින් ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින් හා කාර්යාල නිලධාරින් සමඟ වෙන් වෙන්ව සාකච්ජා කිරීමද මෙහිදි සිදුවිය
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ මඟ පෙන්වීම හා උපදෙස් මත මහා පරිමාණ, මධ්‍ය පරිමාණ හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැඩ සටහනක් 2026.02.26 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති රුවන්තිලක ජයකොඩි මැතිතුමා සහභාගී විය.
මෙහිදි ව්‍යවසායකයින් සඳහා ලබාදෙන සහන පොළී ණය පිළිබඳව දැනුවත් කෙරුන අතර, ණය ගැනිමේදී සිදුවන අපහසුතාවයන් සඳහා විසඳුම් ලබාදීම සිදු කරන ලදී. ව්‍යවසායකයින්ට මුහුණපෑමට සිදුවු ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට එම අවස්ථාවේදී හැකිවිය. මෙම අවස්ථාවට විවිධ ආයතන නියෝජනය කරමින් පහත නම් සඳහන් නිලධාරින් සහභාගී විය.
- ශෂිකාදී සිල්වා මිය :- සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩ නැගීම සඳහා වූ ජාතික සභාවේ සාමාජිකා
- කෝෂිලා ජයසූරිය මිය :- සහකාර සාමාන්‍යාධිකාරි, ලංකා බැංකු මූලස්ථානය
- ලක්මිණි ගුණවර්ධන මිය : - නියෝජ්‍ය අධ්‍යක්ෂ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
- එරංජන චන්ද්‍රදාස මයා :- කළමණාකරු, ජාතික ණය සුරැකුම් ආයතනය
- සමන්මලී ගුණවර්ධන මිය :- සහකාර අධ්‍යක්ෂ, මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහා බැංකුව.
මෙම වැඩ සටහන සංවිධානය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරින් දෙපල හා ව්‍යවසාකත්වය සංවර්ධන නිලධාරිනිය විසිනි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 117 වෑලිය ග්‍රාම නිලධාරී වසම මූලික කර ගනිමින් 2025 වසරේ අනුමත වී 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභීන් පුහුණු කිරීමේ වැඩසටහන 2026.2.11වන දින වෑලිය ජාතික ශිල්ප සභා ගොඩනැගිල්ලේදී ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ හා ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ,ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති රුවන්තිලක ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. සහකාර අධ්‍යක්ෂ ආශා සිරිවර්ධන මහත්මිය ඇතුළු සංවර්ධන නිලධාරීන් ,දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මන්ත්‍රීතුමන්ලා, ප්‍රදේශ වාසීන් හා පුහුණුවට සම්බන්ධ වන කාන්තාවන් මේ අවස්ථාවට සහභාගී වන ලදී. මෙම අත් යන්ත්‍ර සළුපිළි "මිනු සළු " නමින් ඉදිරියේදී වෙළඳපොළ වෙත යොමු කිරීමට අපේක්ෂා කරයි.
මෙයට සමගාමීව 112/ 112/2, 112/3,112/4 යන නිල්පනාගොඩ ග්‍රාම නිලධාරී වසම් 4 මූලික කර ගනිමින් මෙම පේෂ කර්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.















