මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල් සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත එක් නිවසකට රු.10,00000/- බැගින් ආධාර ලබාදී 2025 වර්ෂයේ ඉදිකළ නිවාස 03 ක් ජනතා අයිතියට පැවරීම හා 2026 වර්ෂයේ නිවාස 03 ක් ඉදි කිරීමට මුල්ගල් තැබීමේ අවස්ථාවන් 2026.07.15 දින සිට 2026.08.15 දක්වා ජාතික සවිබල මාසය තුල සිදු කරන ලදී.

එම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා, ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය, ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහභාගී විය.

එමෙන්ම මෙම වැඩ සටහන අධීක්ෂණය කරන සමෘද්ධි මූලස්ථෘන කළමණාකරු ජේ.එච්.එම්. ජයපත්ම මහතා හා ව්‍යාපෘති කළමණාකරු බී.එම්.සී. බස්නායක මහත්මිය ද, අදාළ කලාප කළමණාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, අදාළ ග්‍රාම නිලධාරීන්, ප්‍රජා සවිබල ගැන්වීම් නිළධාරීන් හා සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී රේණුකා දමයන්ති මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සිදු කරන ලදී.

3   4   5

6   3   5   6

 

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ගම් මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන 2026.08.20 වන දින පවත්වන ලදී.

මෙහිදි මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා කලා චිකිත්සාව තේමා කර ගත් උපදේශණ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශණ නිලධාරි නිමාලි ප්‍රියංගනී පෙරේරා මහත්මියගේ සම්පත් දායකත්වය මත සිදු විය.

මේ සඳහා කොට්ඨාශයේ සංස්කෘතික බල මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන , කාන්තා බල මණ්ඩල මෙන්ම කාර්යාලීය නිලධාරීන් සහභාගී වූ අතර, එම නිලධාරින් විසින් ගීත ගායනය සිදු කරන ලදී.

මෙම වැඩසටහන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බස්නාහිර පළාත් සංස්කෘතික නිලධාරි කුමුදු ජයසූරිය මහත්මිය විසින් සංවිධානය කරන ලදී.2     3   4

5  6   7   8  9

සුපිළිපන් සංස්කෘතියක් සහ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ ජාතික මෙහෙයුමට සමගාමීව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සුපිළිපන් දිවුරුම/ ප්‍රතිඥා දීම මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්.ටී.යූ. රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.07.27 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයන්ගෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩ නැගීම සඳහා සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් උදෙසා සුපිළිපන් සතිය ජූලි 27 දින සිට 31 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් අයෝධ්‍යා දිසානායක මහත්මිය, සියළුම මාණ්ඩලික නිලධාරින් ඇතුළු සියළු කාර්යාලීය නිලධාරින්  සහභාගී විය.

 

1   2   

3   4    

5  6   7

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික ව්‍යාපාරය යටතේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සංකල්පයට අනුව ප්‍රජා සවිබල ගැන්වීමේ අරමුණින් දෙවන ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය ලෙස පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීමේ ව්‍යාපෘතිය 129 මාරපොල ග්‍රාම නිලධාරි වසමේ දීප්ති කාන්තා සමිතියේ සාමාජිකාවන් වෙත ලබාදීම 2026.08.12 වන දින ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා හා දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

මෙහිදි සාමාජිකාවන් 20 දෙනෙක් සඳහා පහන්තිර ඇඹරුම් යන්ත්‍ර 20 ක් හා කටර් මැෂින් 20 ක් ලබාදීම සිදුවූ අතර, සුසාජි පහන්තිර කර්මාන්ත ආයතනය මඟින් ඔවුන් වෙත එම උපකරණ පාවිච්චි කර පහන්තිර ඇඹරීම පිළිබඳ පුහුණුවක් ලබාදීම සිදු කරන ලදී.

මෙහි ආරම්භක අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂ ඇතුළු සංවර්ධන නිලධාරීන් සහභාගී වු අතර, ප්‍රජා සංවර්ධන සභාව නියෝජනය කරමින් ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි, ග්‍රාම නිලධාරි ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගී විය.

1   2  3

4  5  

6    7

 

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි  IEEE Computer Society Sri Lanka Chapter ආයතනයේ ස්වේච්ඡා සම්පත් දායකත්වය මත කාර්යක්ෂම කාර්යාල පරිපාලනය සඳහා AI මෙවලම් භාවිතා කිරීම හා සයිබර් ආරක්ෂාව පිළිබඳ  පුහුණු වැඩ සටහනක් 2026.06.08 දින ප්‍රජා සවිබල ගැන්වී‍මේ නිලධාරින් සඳහා ද 2026. 06.10 දින  ග්‍රාම නිලධාරින් හා ක්ෂේත්‍ර නිලධාරින් සඳහා ද  සාර්ථකව පැවැත්විණි.

මෙහිදී සම්පත් දායකයින් ලෙස මොරටුව  විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු හා IEEE Computer Society Sri Lanka Chapter  හි Vice Chair ලෙස කටයුතු කරන ආචාර්ය තිලින තන්ත්‍රිවත්ත මහතා ද  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක හා  IEEE Computer Society Sri Lanka Chapter  හි Coordinator – women in Computing ලෙස කටයුතු කරන ශශිකා ලොකුලියන මහත්මිය ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කල වර්තමානයේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් (පරිපාලන)  හා  IEEE Computer Society Sri Lanka Chapter  හි Assistant Secretary  ලෙස කටයුතු කරන පිපුණි විජේසිරි මහත්මිය ද මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන රුක්ෂාන් ජේ. සේනානායක මහතා ද සම්බන්ධ විය.

රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ ඩිජිටල් හැකියාවන් වර්ධනය කිරීම, නව තාක්ෂණයන් ඵලදායීව භාවිතා කිරීම හා තොරතුරු ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණු ලෙස දැක්විය හැකිය.

 

           

      

     

News & Events

12
செப்2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
செப்2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

குடியுரிமை சாசனம்

Scroll To Top