අනේකවිධ​ අභියෝග හමුවේ ජනතා සේවය අඛණ්ඩව ඉටුකළ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025/26 හි රාජ්‍ය අංශයේ සමස්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වර්ගීකරණය යටතේ කුසලතා මට්ටමේ ඇගයීමක් හිමිකර ගැනීමට සමත් වී ඇත.

විවිධ අභියෝග අවස්ථාවන්හිදී පවා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ ඵලදායීතාව උපරිම මට්ටමින් පවත්වා ගැනීම උදෙසා අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය දැක්වූ අපරිමිත කැපවීම සහ එකමුතුකම මෙම ජයග්‍රහණයේ මූලික පදනමයි.

​මෙම ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ නායකත්වයක් ලබා දුන් ගරු ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මියටත්, සහකාර ප්‍රාදේශීය ලේකම් අයෝධ්‍යා දිසානායක මහත්මියටත්, අසමසම කැපවීමකින් හා සාමූහිකත්වයෙන් කටයුතු කළ සමස්ත කාර්ය මණ්ඩලයේ සැමටත්, නිරන්තරයෙන් අත්වැල් බැඳගත් ආදරණීය ජනතාවටත් අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු!

   1   2  4.jpg

    3   WhatsApp Image 2026 10 08 at 14.15.27   

T1

 

   

News & Events

12
செப்2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

குடியுரிமை சாசனம்

Scroll To Top