ප්රාදේශීය ලේකම් කාර්යාලය - මිනුවන්ගොඩ
අභ්යන්තර කටයුතු ඒකකයඅභ්යන්තර කටයුතු ඒකකයInternal Affairs Unit (IAU)
හැඳින්වීම රාජ්ය ආයතන තුළ අඛණ්ඩතාව, විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්භාවය පෝෂණය කරන සංස්කෘතියක් තහවුරු කිරීම සහ ශ්රී ලංකාවේ දූෂණ විරෝධී ප්රයත්නය ඉදිරියට ගෙන යාම අරමුණු කරගනිමින් 2025 පෙබරවාරි 18 දිනැති PS/SB/Circular/2/2025 දරණ ජනාධිපති ලේකම්ගේ චක්රලේඛයේ උපදෙස් හා මාර්ගෝපදේශ අනුව මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කර ඇත.
අභ්යන්තර කටයුතු ඒකකය මඟින් කාර්යාලයේ කාර්යයන් හා සේවා සැපයීමේ ක්රියාවලීන් තුළ පවතින දූෂණ හා අක්රමිකතා අවදානම් හඳුනාගැනීම , ඒවා වැළැක්වීම සඳහා ක්රියාමාර්ග ගැනීම, ආයතනික අඛණ්ඩතාව හා සඳාචාරාත්මක පාලනය ප්රවර්ධනය කිරීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා කටයුතු කරනු ලැබේ.
අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධාන අරමුණු
- ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
- ආයතනයේ සියලුම ක්රියාකාරකම් වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්රවේශය සහතික කිරීම.
- ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්රවර්ධනය කිරීම.
- විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්රවේශ විය හැකි ක්රමවේදයක් සකස් කිරීම.
- නීතිය ක්රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.
අභ්යන්තර කටයුතු ඒකකයේ වගකීම් හා කාර්යයන්
- කාර්යාලයේ පවතින ක්රියා පටිපාටි, ක්රමවේද හා සේවා සැපයීමේ ක්රියාවලීන් සමාලෝචනය කිරීම.
- දූෂණයට හා අක්රමිකතා වලට ඉඩ ඇති අවදානම් ක්ෂේත්ර හඳුනා ගැනීම.
- හඳුනාගත් අවදානම් සඳහා ආයතනික සුපිළිපන් ක්රියාකාරී සැලැස්මක් සකස් කිරීම.
- දූෂණ විරෝධී නීති, රෙගුලාසි , චක්රලේඛ හා මාර්ගෝපදේශ වලට අනුකූල වීම.
- නීතිමය අනුකූලතා සමාලෝචන සිදු කිරීම.
- වත්කම් ප්රකාශන අවශ්යතා වලට අනුකූල වීම සහතික කිරීම සහ ගැටුම් කළමනාකරණය.
- අල්ලස්, දුෂණ හා අක්රමිකතා සම්බන්ධ පැමිණිලි සහ තොරතුරු ලබා ගැනීම සඳහා ආරක්ෂිත ක්රමවේදයක් පවත්වාගෙන යාම.
- පුරවැසි ප්රඥප්තියක් සකස් කිරීම.
- සදාචාරාත්මක ප්රතිපත්ති ස්ථාපිත කිරීම හා බලාත්මක කිරීම.
- පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම.
- ජාතික සුපිළිපන් ඇගයීම් සඳහා මධ්යස්ථානයක් ලෙස ක්රියා කිරීම.
- අඛණ්ඩ මඟපෙන්වීම සහ සහය ලබා ගැනීම සඳහා අදාළ කොමිෂන් සභාව සමඟ සම්බන්ධතාව පවත්වා ගැනීම.
- වාර්තා සකස් කිරීම (කාලානුරූපී හා වාර්ෂික).
- පුද්ගලික අංශය සමඟ සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්රියාත්මක කිරීම.
අභ්යන්තර කටයුතු ඒකක ප්රධානි
ඩී.ජේ.ජී.ආර්.වයි.ඒ. දිසානායක මිය
සහකාර ප්රාදේශිය ලේකම්
දුරකථන : +94 112 283090
පැමිණිලි ඉදිරිපත් කිරීම
- ලිඛිත පැමිණිලි
අභ්යන්තර කටයුතු ඒකක ප්රධානි,
අභ්යන්තර කටයුතු ඒකකය(IAU), ්
ප්රාදේශීය ලේකම් කාර්යාලය,
මිනුවන්ගොඩ - පැමිණිලි පෙට්ටිය මගින්
කාර්යාල පරිශ්රෙය් ස්ථාපිත කර ඇති IAU පැමිණිලි පෙට්ටිය වෙත ලිඛිත පැමිණිලි ඉදිරිපත් කළ හැක. - දුරකථනය මගින් අභ්යන්තර කටයුතු ඒකකය(IAU) වෙත පහත දුරකථන අංකය හා whatsapp අංකය මගින් පැමිණිලි ඉදිරිපත් කළ හැක.
IAU නිල දුරකථන අංකය - 011 228 3090 - ඊ-මේල් මගින්
இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். - QR කේතය මගින්















