මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2025 නව වසරේ ආරම්භය ගරු ප්‍රාදේශීය ලේකම් තුමිය තනූජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන්  සියළුම ආගමික ආශිර්වාදයන් මධ්‍ය යේ පැවැත්විය. ඒ සඳහා සියළුම මාණ්ඩලික නිල‍්ධාරීන්, කාර් යාල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ආර් ථික සංවර්ධන නිලධාරීන් සහභාගි විය. Clean Sri Lanka තේමාව යටතේ නව රාජ්‍ය සේවයක් ලබා දීමට සියළුම නිලධාරීන් විසින් ප්‍රතිඥා ලබා දෙන ලදී.

WhatsApp-Image-2025-01-01-at-16.13.31.jpg

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් මිණුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය සංවිධානය කරන ලද මිනුවන්ගොඩ  සාහිත්‍ය කලා මහෝත්සවය මිනුවන්ගොඩ  ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2024 - 11 - 20  දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
 
ප්‍රධාන දේශකයා ලෙස ප්‍රවීණ ගේය පද රචක වසන්ත කුමාර කොබවක මහතා මුඛ්‍ය දේශනය පැවැත්වූ අතර මේ සඳහා කලායතන පහක සහභාගීත්වයක් දක්නට ලැබිණි.ගීතය හා ඊට මුල් වූ අත්දැකීම් ගැන දේශකයා සභාව රසවත් කරමින් ගීත ගායනා ඉදිරිපත් කළ අතර ත්‍යාග 49ක් ත්‍යාගලාභීන් 36 දෙනෙකු අතර බෙදා දෙනු ලැබිණි.විවෘත අංශයේ  කෙටි කතා, ළමා කතන්දර, ගීත රචනා, පද්‍ය රචනා, ජනශ්‍රැති අධ්‍යයන සඳහා ත්‍යාග හා  සහතිකපත් ජයග්‍රාහකයන් විසින් ලබා ගන්නා ලදී. උත්සවය සඳහා මිනුවන්ගොඩ  සංස්කෘතික බල මණ්ඩලයේ නිලධාරින් හා සාමාජිකයින්ද අවට පාසල්වල විදුහල්පතිවරුන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම පාසල් දුවා දරුවන්ද සහභාගී වූ අතර කාර්යාලයේ නිලධාරීන්ද වැඩසටහන සඳහා සහභාගී විය.
 
 
 
404d0530-9f5c-49f6-8a60-6eebc958c8bc.jpg
මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා ව්යවසායකයන් නගා සිටුවීම සදහා ව්යවසායකත්ව පුහුණු පාඨමාලා පැවැත්වීම යටතේ කේක් නිර්මාණ පුහුණු පාඨමාලා දෙකක් සහ බතික් නිර්මාණ පුහුණු පාඨමාලාවක් සංවිධානය කළ අතර එම පාඨමාලා ප්රාදේශීය ලේකම්තුමියගේ අනුමැතිය යටතේ සැලසුම් අංශයේ හා වනිතා සංවර්ධන නිලධාරී ගේ සම්බන්ධීකරණයෙන් මෙන්ම කේක් පුහුණු උපදේශිකා රසිකා මහත්මිය හා බතික් නිර්මාණ පුහුණු උපදේශිකා නිල්මිණි මහත්මිය ගේ සම්පත් දායකත්වයෙන් මිනුවන්ගොඩ කොට්ඨාසයේ කාන්තා බල මණ්ඩලය පෙරටු කොටගෙන වසම් මට්ටමින් කාන්තා සමිති සදහා ප්රමුඛත්වය ලබා දෙමින් කෙහෙල්බද්දර ,යටියන ,බොරගොඩවත්ත යන වසම් වල මෙම පාඨමාලා ක්රියාත්මක විය.
එම පාඨමාලා සදහා සහභාගි වූ සිසුවියන්ගේ දක්ෂතා එළිදැක්වීම අරමුණු කර ගනිමින් සහ ඔවුන්ට සහතික පත්ර ප්රදානය කිරීම ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් 2024.10.30 දින ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවණාගාරයේ දී පැවැත්විය.
 

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මැතිතුමාගේ සංකල්පයක් මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිනියගේ මෙහයෙවීමෙන් හා සම්බන්ධීකරණයෙන් ළමා පොකුර ළමා සංවර්ධන වැඩ‍ සටහන දෙවන අදියර දරුවන් 35 දෙනෙක් සහ ඔවුන්ගේ භාරකරුවන් 35 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් 2024.11.19 දින ප.ව. 2.30 ට මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාලාවේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.             

    

cacedc9f-f93f-4347-b60f-ad0d132bbda2.jpg

 

               

මානසික සෞඛ්‍ය හා උපදේශණ දින සැමරුම් උත්සවය 2024.10.11 වෙනි දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ගරු ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

“වැඩබිමේදී මානසික සෞඛ්‍ය සුරක්ෂිතාවය පිළිබඳව ප්‍රමුඛතාවය දී සලකමු” යන තේමාව මුල්කර ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුජ ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වය හා සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දයාන් සමරසේකර මහතාගේ දැනුවත් කිරිමේ දේශණයක් ද පැවැත්විය.

උපදේශන නිලධාරි ජේ.කේ. නිමාලි ප්‍රියංගනී පෙරේරා මහත්මිය ඇතුළු සංවර්ධන නිලධාරින්ගේ සහභාගීත්යෙන් මානසික සැහැල්ලුකරණය වෙනුවෙන් සංවර්ධන වැඩ සටහන මෙහෙයවන ලදී.

උපදේශන වෘත්තිකයන්, කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය, ආර්ථික සංවර්ධන නිලධාරින් මෙම උත්සවය සඳහා සහභාගී විය.

ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි උපදේශන නිලධාරි ජේ.කේ. නිමාලි ප්‍රියංගනී පෙරේරා මිය විසින් වැඩ සටහන සංවිධානය කරන ලදී.

 


News & Events

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

Scroll To Top