මිනුවන්ගොඩ විහාරාධිපති සංගමය මඟින් සංවිධානය කරන ලද පිණ්ඩපාත චාරිකාවෙහි ස්වාමීන් වහන්සේලා උදෙසා දහවල දානය ලබාදීම මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලදී. මේ සඳහා කාර්යාල නිලධාරින්ගේ දායකත්වය ලබාදෙන ලදී.

WhatsApp-Image-2025-05-14-at-09.15.40.jpg

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නව යොවුන් වියේ දරුවන් සඳහා මෙම වැඩ සටහන සංවිධානය කරන ලදි .

නව යොවුන් වියේ දරුවන්ගේ ඇබ්බැහි වීමේ චර්‍යාවන් වලක්වාගැනීම සහ නව ආකල්ප ගොඩ නඟා ගනිමින් ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සම්බන්ධව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 දෙනෙකු සහභාගි කර ගනිමින් පවත්වන ලදී .

මෙම වැඩසටහන විද්‍යාලයේ උපදේශන විෂය භාර ගුරු මහත්මිය වන හර්ෂි මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර, මේ සඳහා සම්පත් දායකත්වය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන නිළධාරිනි නදීෂානි ජයවීර මහත්මිය සහ උපදේශන නිළධාරී ජේ.කේ.නිමාලි ප්‍රියංගනී පෙරේරා මහත්මිය විසින් ලබා දෙන ලදි .

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ මූලිකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ආරියවංශ හේරත් මහතා ගේ සම්පත් දායකත්වය යටතේ මිනුවන්ගොඩ කලාපයේ උපදේශන විෂය භාරව කටයුතු කරන ගුරු මහත්ම, මහත්මීන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2025.04.04 වෙනි දින කලාප අධ්‍යාපන කාර්යාලයේදී පැවැත්විනි .

මෙම වැඩසටහන සංවිධානය කරගැනීමේ දී මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුජ ප්‍රනාන්දු මහතා, වෛද්‍ය දයාන් සමරසේකර මහතා සහ ගුරු උපදේශක සිසිර මහතා ද සහයෝගය ලබා දෙන ලදි.

උපදේශන අංශ භාර අධ්‍යාපන අධ්‍යක්ෂ  හේමන්ති විජේකෝන් මහ්මිය සහභාගි විය.

විධිමත් පාසල් උපදේශන සේවාවක ක්‍රියාකාරිත්වය සහ සම්බන්ධීකරණ කටයුතු මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් පරිදි උපදේශන නිළධාරී ජේ.කේ.නිමාලි ප්‍රියන්ගනී පෙරේරා මහත්මිය විසින් සිදු කරන ලදි .

මෙම වැඩසටහන සදහා ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි වෛද්‍ය ඉන්දිකා මහ්මිය ද සහභාගි වී දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදි.

2025.04.07 දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ එකමුතුවෙන් ව්‍යවසායකයින් සවිබල ගන්වමින් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිනියගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය භූමියේ ව්‍යවසායකයින් 40 දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් අලෙවි ප්‍රදර්ශනයක් පැවැත්වුණි.

මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, පරිපාලන නිලධාරි තුමිය හා ග්‍රාම නිලධාරි තුමිය සහභාගී විය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය Green Team – Minuwangoda ඒකකය මඟින් 2025.03.28 වන දින හෙන්ඩිමහර සේවා පියස හා පාර දෙපස පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදු කරන ලදී.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමිය තනුජා රාජකරුණා මැතිණියගේඋපදෙස් හා මඟ පෙන්වීම මත මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වූ අතර, මේ සඳහා Green Team – Minuwangoda ඒකකයේ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය.

මෙහිදි හෙන්ඩිමහර සේවා පියස පිරිසිදු කිරිම, පාර දෙපස තණකොළ කපා ඉවත් කිරීම හා අපද්‍රව්‍ය (ප්ලාස්ටික් /පොලිතීන්/වීදුරු) ඉවත් කිරීමේ කටයුතු සිදු කරන ලදී.

News & Events

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
සැප්2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

Scroll To Top