මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අස්ගිරිය සුන්දරගම අත්තනගලු ඔය ,කඬ අඬුව අවට සහ මැදිරිකඩවිල අවට ප්‍රදේශය ආවරණය වන පරිදි මී පැළ සහ කුඹුක් පැළ රෝපණය කිරීම මිනුවන්ගොඩ ප්‍රාදේශීයලේකම් යූ.ඩබ්ලිව්.ටී.යූ. රාජකරුණා මැතිනියගේ පූර්ණ අධීක්ෂණයෙන් හා මඟ පෙන්වීම මත සහකාර ප්‍රාදේශීය ලේකම් D.J.G.R.Y.A.දිසානායක මැතිණියගේ සහභාගීත්වයෙන් 2025.07.04 වන දින පවත්වන්නට යෙදුනි.
එම වැඩසටහන සඳහා සහයෝගය දැක්වීමට Green Team කණ්ඩායම , කෘෂිකර්ම නිලධාරීන්, අස්ගිරි වල්පොල දකුණ ග්‍රාම නිලධාරීන් , ගොවිජන සේවා නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරී, සහජීවන සංගම් සමාජිකයින්, ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරින් ,ගොවි සංවිධානයේ සභාපති සහ සාමාජිකයින් සහභාගී වූ අතර සංහිඳියාව හා ආකල්ප වැඩිදියුණු කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සදහා අවශ්‍ය පැළ ලබා ගැනීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලැබුන අතර මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මිය විසින් මෙම කටයුත්ත සංවිධානය සහ මෙහෙයවීම සිදු කරන ලදි.


මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පාසලක් වන බුරුල්ලපිටිය ජාතික පාසලේ දරුවන් සඳහා සංහිඳියාව හා ආකල්ප සංවර්ධනය වැඩිදියුණු කරවීමේ අරමුණින් සමාජ සහයෝගීතා සහ ආකල්ප සංවර්ධන වැඩසටහනක් 2025.07.01 දින පැවැත්වූ අතර එහිදී 10 ශ්‍රේණියේ දරුවන් 180 දෙනකු පමණ වැඩසටහනට සහභාගි විය.
වැඩසටහන සදහා සම්පත් දායකත්වය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මනෝ
උපදේශන නිලධාරි නදීශානි ජයවීර මහත්මිය ලබාදුන් අතර, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යු.ඩබ්.ටී.යූ. රාජකරුණා මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත පවත්වන ලද මෙම වැඩසටහන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මියගේ සංවිධානය සහ මෙහෙයවීම මත සිදු කරන ලදි.


ආකල්ප වෙනසක් තුලින් ගෘහ ඒකක සවිබල ගැන්වීම සඳහා වන Smart Home - සපිරි නිවහන ව්‍යාපෘතිය ii අදියර යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා මූලික දැනුවත් කිරීමේ වැඩසටහනක් මිනුවන්ගොඩ ප්‍රාදේශිය ලේකම් තනූජා රාජකරුණා මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශිය ලේකම් ඩී.ජේ.ජී.ආර්.වයි.ඒ.දිසානායක මහත්මියගේ මූලිකත්වයෙන් 2025.06.20 වෙනි මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය කලුඅග්ගල සරණසිරි ස්වාමීන් වහන්සේ විසින් තමන්ගේ සිත , පවුල, නිවස සතුටින් තබාගෙන සපිරි පවුලක් බවට පත්වන්නේ කෙසේද යන්න පිළිබඳව කෙටි අනුශාසනාවක් මෙහිදි සිදු කරන ලදී. කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්ද මේ සඳහා සහභාගි විය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ක්ෂේත්‍ර ගත සියලුම නිලධාරීන්ගේ එකමුතුවෙන් 20257.07.02 දින පොසොන් බැති ගී සරණිය කල එළි දැක්වීය. එහිදී එක් එක් අංශ නියෝජනය කරමින් සියලුම නිලධාරීන් බැති ගී ඉදිරිපත් කරන ලදී.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරී චමිලා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ. ඩබ් .ටී .යූ. රාජකරුණා මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත සිදු කරන ලදී.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිනියගේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි බල මණ්ඩලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය එක්ව සංවිධානය කරනු ලැබු වැඩිහිටි භක්ති ගීත තරගාවලිය 2025 .06.17 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණි.
එහිදී භක්ති ගීත කණ්ඩායම් 16ක් තරගය සඳහා ඉදිරිපත් වූ අතර, පළමු ස්ථානය හෙන්ඩිමහර සමාධි ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවත්, දෙවන ස්ථානය නැදගමුව ශක්ති ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවත්, තෙවන ස්ථානය පහළ උඩුගම්වල සරණ ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවත් ලබා ගන්නා ලදී.
















