මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය කළුඅග්ගල සරණසිරි ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම හා උපදෙස් මත වෙසක් මංගල්‍යයට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා පසුදා උදෑසන ස්වාමීන් වහන්සේලා 50 නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් 2026 ජූනි මස 05 සහ 06 යන දින වලදී මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති හා ගරු ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේලා ද, කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨතම ස්වාමීන් වහන්සේලා ද මේ සඳහා වැඩම කරන ලදී.
මෙම කටයුතු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා කාර්යාලයේ සියළුම මාණ්ඩලික නිලධාරින්, කාර්යාලගත නිලධාරින්, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, ක්ෂේත්‍ර නිලධාරින් හා ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරින් සහයෝගය දක්වන ලදී.


2026 ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත “දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙමු” තේමාව යටතේ ජගත් පරිසර දින සැමරුම් වැඩ සටහනක් මිනු/ ජනාධිපති විද්‍යාලයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීයලේකම් අයෝධ්‍යා දිසානායක මිය, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයි.පී.ඒ. සුරංජි මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.
මෙහිදි ඔසු උයනක් සකස් කිරීම සඳහා ඔසුපැළ හා ඒවාට අදාළ නාමපුවරු ලබාදීම ද, 6 – 10 කණිෂ්ඨ අංශය සඳහා දේශගුණික සෞභාග්‍ය අත් දකිමු යන මාතෘකාව යටතේ පැවැත්වූ චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදුවිය.
මෙම අවස්ථාවට සහභාගී වූ සිසු දරුවන් වෙත කුසලතා සහතික පත් පිරිනැමුණු අතර, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය Green Team කණ්ඩායමද මේ අවස්ථාවට සහභාගී විය.

දීපව්‍යාප්තව ක්‍රියාත්මක "Clean Sri Lanka " ජාතික වැඩසටහනට සමගාමීව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන "දැය නංවන සපිරි ගමක්” ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහනට අදාළව මිනුවන්ගොඩ
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 105 හොරම්පැල්ල දකුණ වසම මූලික කොට ගනිමින් එහි සමාරම්භක උළෙල යකහටුව ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදී 2026.03.16 වෙනි දින පවත්වන ලදී.
Clean Sri Lanka ජාතික වැඩසටහන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන ඒකාබද්ධව ජාතික ව්‍යාපෘතියක් වශයෙන් දිවයින පුරා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ඵලදායිතා සංකල්පය ගමට, නිවසටම ගෙන ඒමයි. ප්‍රජාවගේ
- •අධ්‍යාපනය
- •ආර්ථිකය
- •සෞඛ්‍යය හා සනීපාරක්ෂාව
- •ගෘහස්ථ කළමනාකරණය හා සමාජ යහපැවැත්ම
- •සංස්කෘතික සහ අධ්‍යාත්මික සංවර්ධනය
* පරිසර සංරක්ෂණය යන ප්‍රධාන පරමාර්ථ මෙම වැඩසටහන තුළින් ඉටු කිරීමට බලාපොරොත්තු වන අතර, ගැටලු අවබෝධ කරගනිමින් සමාජය තුළ වෙනසක් ඇති කිරීමේ දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් වශයෙන් මෙය ක්‍රියාත්මක වේ.
ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති රුවන්තිලක ජයකොඩි මැතිතුමා , Clean Sri Lanka වැඩසටහනෙහි මිනුවන්ගොඩ කොට්ඨාශ සම්බන්ධීකාරක විමුක්ති රංග රාජපක්ෂ මහතා සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය ඇතුළු ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී සංජය ප්‍රියදර්ශන මහතා විසින් ගී රසවින්දන වැඩසටහනක් මෙන්ම තවත් අගනා සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත විය.
මේ සඳහා ඵලදායිතා සංවර්ධන නිලධාරින්, ක්ෂේත්‍ර නිලධාරීන් සහ හොරම්පැල්ල හා අනෙකුත් වසම්වල රාජ්‍ය නිලධාරීන් සහ ගම්වාසීන් රැසක් එක්ව සිටියහ.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ මඟ පෙන්වීම හා උපදෙස් මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බහු ආබාධ සහිත පුද්ගලයන්ගේ ස්වශක්ති සංවිධානය එක්ව සංවිධානය කල බක්මහ උළෙල 2026/04/24 දින මිනුවන්ගොඩ පරාක්‍රම ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී. ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයන් හා දූ දරුවන් විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණිය සහභාගී විය. තවද මෙම අවස්ථාවට දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි සී. කස්තුරිආරච්චි මහතා, වෛජයන්ති කලායතනයේ අධ්‍යක්ෂිකා ආශා වෛජයන්ති මාලා මිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු අනෙක් නිලධාරින් ද මේ සඳහා සහභාගී විය.
බෝටියාවත්ත සිත් සහන පදනමේ දරුවන්ගේ රැඟුම් ගැයුම් මැද අලියාට ඇහැ තැබීම, සංගීත තොප්පි තරඟය, අන්ධයාට කිරි කැවීම, විවිධ ඇඳුම් තරඟය, අවුරුදු කුමරා හා කුමරිය තේරීම ඇතුළු තරඟ රැසක් එදින පවත්වන ලදී.
මෙම බක්මහ උලළේ සංවිධාන කටයුතු සමාජ සේවා නිලධාරි ඩී.ජී. චන්ද්‍රසෝම මහතා ඇතුළු සමාජ සේවා අංශය විසින් සිදු කරන ලදී.


කාන්තා දිනයට සමගාමීව පළාත් සභා දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාන්තාවන්ගේ ව්‍යවසායකත්වය නඟා සිටුවීමේ අරමුණින් ග්‍රාම නිලධාරි වසම් 16 ක පවත්වන ලද ස්වයං රැකියා පුහුණු පාඨමාලා අවසන් කරන ලද පුහුණුලාභීන් 175 දෙනෙකු සඳහා සහතික පත්‍ර ලබාදීමේ පළමු අදියර 2026.03.10 දින සවස මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා සහභාගී විය.
මෙහිදි කේක් පාඨමාලා 2 ක්, රූපලාවන්‍ය පාඨමාලා 04 ක් හා කෙටිකෑම පාඨමාලා 02 ක පුහුණු පාඨමාලාභීන් මෙහිදි සහතික පත් ලබා ගන්නා ලදී.
මෙම වැඩ සටහන සැලසුම් අංශයේ පළාත් සභා සංවර්ධන සහකාර සංජීවනි අබේරත්න මහත්මිය විසින් සංවිධානය කළ අතර, සහකාර අධ්‍යක්ෂ ආශා සිරිවර්ධන මහත්මිය විසින් අධීක්ෂණ කටයුතු සිදු කරන ලදී.















