මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා ව්යවසායකයන් නගා සිටුවීම සදහා ව්යවසායකත්ව පුහුණු පාඨමාලා පැවැත්වීම යටතේ කේක් නිර්මාණ පුහුණු පාඨමාලා දෙකක් සහ බතික් නිර්මාණ පුහුණු පාඨමාලාවක් සංවිධානය කළ අතර එම පාඨමාලා ප්රාදේශීය ලේකම්තුමියගේ අනුමැතිය යටතේ සැලසුම් අංශයේ හා වනිතා සංවර්ධන නිලධාරී ගේ සම්බන්ධීකරණයෙන් මෙන්ම කේක් පුහුණු උපදේශිකා රසිකා මහත්මිය හා බතික් නිර්මාණ පුහුණු උපදේශිකා නිල්මිණි මහත්මිය ගේ සම්පත් දායකත්වයෙන් මිනුවන්ගොඩ කොට්ඨාසයේ කාන්තා බල මණ්ඩලය පෙරටු කොටගෙන වසම් මට්ටමින් කාන්තා සමිති සදහා ප්රමුඛත්වය ලබා දෙමින් කෙහෙල්බද්දර ,යටියන ,බොරගොඩවත්ත යන වසම් වල මෙම පාඨමාලා ක්රියාත්මක විය.
එම පාඨමාලා සදහා සහභාගි වූ සිසුවියන්ගේ දක්ෂතා එළිදැක්වීම අරමුණු කර ගනිමින් සහ ඔවුන්ට සහතික පත්ර ප්රදානය කිරීම ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් 2024.10.30 දින ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවණාගාරයේ දී පැවැත්විය.
 

News & Events

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

Scroll To Top