මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය කළුඅග්ගල සරණසිරි ස්වාමීන් වහන්සේගේ  මඟ පෙන්වීම හා උපදෙස් මත වෙසක් මංගල්‍යයට සමගාමීව  සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් හා පසුදා උදෑසන ස්වාමීන් වහන්සේලා 50 නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් 2026 ජූනි මස 05 සහ 06 යන දින වලදී මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති හා ගරු ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේලා ද, කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨතම ස්වාමීන් වහන්සේලා ද මේ සඳහා වැඩම කරන ලදී.

මෙම කටයුතු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා කාර්යාලයේ සියළුම මාණ්ඩලික නිලධාරින්, කාර්යාලගත නිලධාරින්, ග්‍රාම නිලධාරින්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්,  ක්ෂේත්‍ර නිලධාරින් හා ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරින් සහයෝගය දක්වන ලදී.

     

        

       

        

                   

   

 

News & Events

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

Scroll To Top